ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ඔහුගේ මුල් ම කාව්‍ය සංග්‍රහය – මගෙ කොරියානු පෙම්වති – පළ කරන්නේ 2023 දී.
ඒ කෘතිය මගින් ඔහු රසිකයන්ගේ පමණක් නොව විචාරකයන්ගේ ද අවධානය දිනා ගන්නවා.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති මෙන්න මෙහෙම කියනවා.
‘විසි එක් වැනි සියවසෙහි තරුණ ජීවිත ගෙවන අයගේ ආදර ජීවිතය, ආදරයෙහි ස්වභාවය, ඔවුන්ගේ ආදර ගැටළු ආදිය ප්‍රසාද් ගේ කවි බෙහොමයකට සිත්ගන්නා සේ හසු වේ. ජනමාධ්‍ය ධනවාදය නිසා පැතිරුණු සර්වභෞමික ස්වරූපයේ තරුණ සංස්කෘතික සං ඥා රාශියක් මැද වි ඥානයෙන් සහ පරිභෝජන ශක්තියෙන් බෙහෙවින් සීමාසහිත වූ පරම්පරාවක් ජීවිතය සාදා ගන්නට දරන තැත ඒ කවිවල සටහන් වේ.
මගෙ කොරියානු පෙම්වති, හොඳ ආරම්භයක් ගන්නා කවියකුගේ කාව්‍ය සංග්‍රහයකි.’
ඉතින් ප්‍රසාද් ගේ ඒ කවි ගැන සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය කියන්නේ මොනවාද
අහන්න – බලන්න.
Watch video Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර | Saman4You - Prog 365 online, duration hours minute second in high quality that is uploaded to the channel Saman4You 08 April 2025. Share the link to the video on social media so that your subscribers and friends will also watch this video. This video clip has been viewed 366 times and liked it 10 visitors.